mediahumanrights.lk
Local NewsNews

තරුණියක් පැහැරගත් හත් දෙනෙකුට වැඩ වරදියි

කැකිරාව හල්මිල්ලෑව ප්‍රදේශයේදී තරුණියක් පැහැර ගෙන ගිය සැකකරුවන් හත් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි සැකකරුවන් එම තරුණිය පැහැර ගෙන ගොස් හබරණ හොරිවිල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් සිටියදී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
පසුව පොලිස් යතුරුපැදියක් සැකකරුවන් ගමන් ගත් වෑන් රථය ලූහු බැද මාර්ගය අවහිර කොට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෑන් රථය තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයකට සමාන ප්ලාස්ටික් පිස්තෝලයක් සොයා ගත් බවයි කැකිරාව පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 29 අතර පසුවන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එක් සැකකරුවෙකු සමග අදාල තරුණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
එම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති සැකකරු යුද හමුදා සෙබලෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..

Shiran Viraj

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

Shiran Viraj

වැව් පද්ධතියේ පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කර වැව් සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි

Shiran Viraj
Translate »