mediahumanrights.lk
International NewsNews

සංක්‍රාන්ති ලිංගිකයින්ට අලුත් නීතියක්

සංක්‍රාන්තික ලිංගිකයන්ට ඇමරිකානු හමුදාවේ කිසිදු නිලයක සේවය කළ නොහැකි බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
නමුත් ඔබාමා පරිපාලනය විසින් සංක්‍රාන්තික ලිංගිකයින්ට හමුදාවේ සේවයේ යෙදීමට අවසර ලබාදී තිබූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ සහ සම ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බවයි.
සංක්‍රාන්තික ලිංගිකයින් හමුදාවේ සේවය කිරීම නිසා වෛද්‍ය කටයුතු සඳහා අති විශාල මුදලක් වැය වන බව ද නව තීරණය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ට්‍රම්ප් තම තීරණය සාධාරණීකරණය කර තිබෙන්නේ හමුදාව ජයග්‍රහණයන් සදහා සම්පුර්ණයෙන් කැප වී සිටින අතර, ලිංගික විපර්යාසයන්ට ලක්වූවන් වෙනුවෙන් විශාල ලෙස වෛද්‍ය අරමුදල් රැස් කිරීමට සිදුවන අතරම එවැනි පුද්ගලයින් සිටීම මගින් හමුදාව තුළ බෙදීම් ඇතිවන බව පවසමින්.
විදෙස් වර්තා පෙන්වා දෙන්නේ මිලියන 1.2 ක සාමාජිකයින් පිරිසක් සිටින ඇමරිකානු හමුදාවේ 2450 දෙනෙකු ලිංගික විපර්යාසයන්ට ලක්වූ මෙන්ම සංක්‍රාන්ති ලිංගිකයින් බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj

ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්න

Shiran Viraj

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Shiran Viraj
Translate »