2026-02-12
mediahumanrights.lk
Local NewsNews

රජරට වැව් නියඟයෙන් සිඳී යයි! බොන්න වතුරත් නැහැ

වියළි කාලගුණය හේතුවෙන් උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වල සුළු වාරිමාර්ග රැසක් සිඳී ගොස් තිබෙනවා. ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද ඒවායේ ධාරිතාවයෙන් සියයට 16ක් පමණ දක්වා අඩු වී තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමනේතුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ  ඩබ්ලිව් බී පලුගස්වැව පවසන්නේ.
වියළි කාලගුණය මේ වනවිට දිස්ත්‍රික්ක 13කට බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. මේ නිසා ඇතැම් පිරිස් පානීය ජලය සපයා ගැනීම සම්බන්ධයෙන් ද දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි.  කියා සිටියේ.
පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජල ටැංකි 600කට වැඩි ප්‍රමාණයක්ද, ජලය බෙදාහැරීම සඳහා බවුසර් 200ක් පමණද යොදවා ඇතැයි ඔහු පැවසුවා.
වියළි කාලගුණය නිසා වගා හානි වූවන්ට වන්දි ලබාදීමට ද කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්

Shiran Viraj

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

Shiran Viraj

විපක්ෂයේ සිට තවත් පක්ෂ 2ක් ආණ්ඩුව කරන බව මහින්ද හෙළි කරයි (VIDEO)

Shiran Viraj
Translate »