30.6 C
Colombo
2026-02-24
mediahumanrights.lk
LIFELIFE NEWSNews

දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්

* අප අවට සිටින්නන්ට දුම්පානයට ඉඩ නොදෙමු
අපේ අයිතිය සුරකිමු
ඔබ දුම්වැටියක්‌ භාවිත කරන පුද්ගලයෙක්‌ අසල සිටින විට එම දුම්කොළ දුම ඔබට ද ආඝ්‍රහනය වේ. ඉන් ඔබේ සිරුරේ ද සියලුම අවයවවලට ක්‍රම ක්‍රමයෙන් හානිවීම සිදුවේ.
* අක්‍රිය දුම්පානය
මාරාන්තිකයි එයින් ඔබේ දරුවා බේරාගන්න
දුම්වැටි දුමෙහි විෂ වර්ග 4000 ක්‌ හා පිළිකාකාරයන් 43 ක්‌ අඩංගුවේ.
ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම
පෙණහලු, මුඛ පිළිකා, ස්‌වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු, අග්න්‍යාශය, අක්‌මාව, ගැබ්ගෙල, අමාශය, මහා බඩවැල, ගුද මාර්ගය, ලේ වල පිළිකා, ලිංගික බෙලහීනතාවය.
* පෙණහලු රෝග
එම්µsසීමා, ඇදුම, බ්‍රොන්කයිටීස්‌, පෙණහලු ආසාදනය, හුස්‌ම ගැනීම අපපහසු කරවන දීර්ඝ කාලීනව පවතින පෙණහලු රෝග.
* හෘද රෝග ඇතිවීම
කාන්තාවනට ගබ්සා ඇතිවීම සහ අඩු උපත් බර දරුවකු වීමට ඇති හැකියාව වැඩිය.
* ලිංගික බෙලහීනතාවය හා වඳභාවය ඇතිවීම.
ආමාශයේ තුවාල ඇතිවීම
පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට සිදුවීම
දත් දුර්වර්ණ වීම හෝ දිරායාම
පිටකරන හුස්‌ම දුර්ගන්ධ වීම
කෙස්‌ දුර්ගන්ධ වීම
ඇසේ සුද ඇතිවීම
අංශභාගය ආශ්‍රිත රෝග ඇතිවීම
* දුම්වැටි භාවිතයට විරුද්ධ වීමට ඔබට අයිතියක්‌ ඇත. ඔබේ අයිතිය සුරකින්න
“පොදු ස්‌ථානවල දුම්පානය නීතියෙන් තහනම්”
* දුම්කොළ දුම නොමැති හුස්‌මක්‌
ඔබටත්, අපටත් අපගේ දරුවන්ටත් උරුම වනු වස්‌……”
ඒ වෙනුවෙන් ඔබත් අපත් ක්‍රියාත්මක විය යුතු කාලයයි මේ……….
* කවුරුන්ද සඳහාද?
දුම් බොන නොබොන පානයෙන් නිදහස්‌වූ සහ පානයෙන් නිදහස්‌ වීමට අවශ්‍ය පරිසරය සකස්‌ කරදෙන සියලු දෙනා සඳහා
* කවුරුන් වෙනුවෙන්ද?
ඔබ, මම, අපගේ දරුවන්, අපගේ ආදරණීයයන් සැමදෙනා වෙනුවෙන්
* අපට කුමක්‌ කළ හැකිද?
දුම්කොළ දුම් නොමැති වටපිටාවක ජීවත්වීමට ක්‍රියා කිරීම
උදා( දුම් නොබොන රියෑදුරන්ම ගමන් සඳහා යොදා ගැනීවීම
දුම්වැටි අලෙවි නොකරන භාවිතයට ඉඩ නොදෙන වෙළෙඳසැල් ම භාවිතය
අවශ්‍යතාවකදී දුම්කොළ දුමින් නිදහස්‌ වූ ආපනශාලාව භාවිතා කිරීම.
නිවස හා ඔබට අයිති ස්‌ථාන මෙන්ම පොදු ස්‌ථානවලදී දුම්පානයට විරුද්ධ වීම.
ඔබගේ දරුවා දුම්කොළ දුමෙන් ආරක්‍ෂිත පරිසරයක ජීවත්වන බව තහවුරු කර ගැනීම
දුම්කොළ දුමාරය ඇති වටපිටාවන්ගෙන් ඈත්වීමට දරුවන් හුරු පුරුදු කිරීම.
දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් නිදහස්‌වූ චරිතයක්‌ වීම.
* ඒ ඇයි?
ඔබ කිසි විටෙකත් දුම්පානය නොකළ ද, දුම්පානය කරන අයෙකු විසින් පිට කරනු ලබන දුම්කොළ දුමට ඔබ නිරාවරණය වීම
කාන්තාවන්ට ගබ්සා ඇතිවීම හෝ අඩු උපත්a බර දරුවන් බිහිවීම
හෘද රෝග ඇතිවීම
ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම
පෙණහලු රෝග ඇතිවීම
මෙනින්ජයිටීස්‌ වැනි තත්ත්වයන් ඇතිවීමටද හේතුවීම.
* ප්‍රජා ක්‍රියාකාරීන් ලෙස ඔබට කුමක්‌ කළ හැකිද?
* ඔබගේ ගමේ, සමිතියේ පාසැලේ, නායකත්වය සඳහා දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් නිදහස්‌ වූ චරිත ම තෝරා ගැනීම.
* ග්‍රාම නිලධාරි, සමිති සමාගම්වල නායකයින්, ළමාරක්‍ෂක නිලධාරීන්, සමෘධි නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු අනෙකුත් පිරිස්‌ සමඟ මේ වෙනුවෙන් ඔබගේ ප්‍රදේශවලද ක්‍රියාවලියක්‌ ආරම්භ කිරීම.
* දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා සම්බන්ධ වී, මේ සම්බන්ධ සේවාවන් ලබා ගැනීම හා ඒ සඳහා අන් අයද යොමු කරවීම.
අමතන්න 1948
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය

Related posts

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Shiran Viraj

රටින් පොල් ගේන්න අවසර ලැබේ

Shiran Viraj

ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධය

Shiran Viraj
Translate »