27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

නඩු භාණ්ඩ අධිකරණවල දීර්ඝ කාලයක් රඳවා නොසිට ඒවා කඩිනමින් බැහැර කිරීම සඳහා නව පටිපාටීන් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ පිළිබද කරුණු දක්වන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සඳහන් කළේ සීමිත ඉඩක විශාල නඩු භාණ්ඩ තොගයක් ගොඩ ගසා තිබීම ප්‍රබල ගැටලුවක් වී ඇති බවයි. මෙම නඩු භාණ්ඩ කෙටි කාලයක් ඇතුලත අයිතිකරුවන් වෙත මුදා හැරීමට නොලැබුන හොත් ඒවා විනාශ වී යන බවද සඳහන් කළා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “නඩු භාණ්ඩයක් එහි හිමිකරුට ලබාදීමේ ක්‍රමවේදය නියමානුකූල කරලා මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත එය භාරදීමේ හැකියාවක් නැත්නම් එම භාණ්ඩ ඡායාරූප ගත කරලා සහ වීඩියෝ ගත කරන්න කටයුතු කරනවා. ඊට පස්සේ පිළිගන්නා ආකාරයට නීති සකස් කරලා එකතුවන නඩු භාණ්ඩ මාස දෙකක් තුනක් ඇතුළත වෙන්දේසි කරලා ඒ මුදල් අදාළ නඩුවල ගිණුම්වලට බැර කරන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා.” යනුවෙනි.
නෙත් නිවුස් මීට පෙර කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පැවසුවේ නඩු භාණ්ඩ අවිධිමත්ව ගොඩගසා තිබීම නිසා අධිකරණ පරිශ‍්‍ර අපවිත‍්‍රවීමක්ද සිදුවන බවයි. මෙම නඩු භාණ්ඩවල මදුරුවන් බෝ වන ස්ථාන ඇති වන බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

Shiran Viraj

මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..

Shiran Viraj

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

Shiran Viraj
Translate »