mediahumanrights.lk
News Political

ඇමති ධූර ගන්න ඒකාබද්ධයේ අය සූදානම් – සන්ධානයේ මන්ත්‍රීවරු 95ම එක් වෙයි

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක් කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශී වීම සඳහා විය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවගේ අපේක්ෂාව වන්නේ ද මෙම කණ්ඩායම් දෙක එක්වීම බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති සමඟ සිටින කණ්ඩායමේ කිසිවකුත් ඔහු අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකරන බව කී ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපති වැනි ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දෙන නායකයෙකු ඔවුන්ව යළිත් හමු නොවන බව ද කීය.
එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ද ඔහු පැවසීය.
ඇමතිකම් දෙන්නේ නම් ආණ්ඩුවට එක් වීමට කැමති හත් අට දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
කිසිවෙකුට හෝ වරදාන වරප්‍රසාද දී තබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ නොකරන බව කී ඉසුර දේවප්‍රිය මහතා කැමති අයට යන්නට මෙන්ම එන්නට ද නිදහස තිබෙන බව සඳහන් කළේය.
ආණ්ඩුව තුළ ගැටුම් ඇති බව තමාද පිළි ගන්නා බව කී ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුලද මත ගැටුම් පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(under the courtesy of asianmirror news web)

Related posts

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj

" බාල වයස්කාර දැරියක් වැඩට තියාගෙන , ලිංගික අතවරත් කරළා " කොස්වත්තේ නරුම ෆාර්ම් හිමියාගේ කෙරුම් එළියට .!

Shiran Viraj

බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේ

Shiran Viraj