mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා.
එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ පාදයට සරිලන සපත්තු නොපැලදීමෙන් ඉකුත් කාලසීමාවේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධයන්ට ලක් වූ බවයි.
අනෙක් රටවල් ද ආබාධ අවම කර ගැනීම සඳහා මෙම ක‍්‍රියාමාර්ගය වර්තමානයේ යොදා ගනිමින් සිටින බවයි කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ක‍්‍රිකට් ආයතනය ආරම්භ කළ මෙම නව වැඩසටහන සඳහා ඔස්ටේ‍්‍රලියාවේ පිහිණුම් ඔලිම්පියක් පදක්කම් ලාභියෙකුගේ මෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු වන නිකලස් ස්ප‍්‍රින්ජන්ගේ ද සහය හිමිව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසර

Shiran Viraj

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Shiran Viraj

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

Shiran Viraj
Translate »