26 C
Colombo
2026-02-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල්ගේ නඩුවේ නීති උපදෙස් කඩිනම් කරන්නැයි අධිකරණයෙන් සිහි කැඳවීමක්

වාහන අවභාවිතා කිරීමේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍යාංශ විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදිට එරෙහි නඩුව සම්බන්ධයෙන් කඩිනමින් නීති උපදෙස් ලබාදෙන්නැයි අධිකරණය අද නීතිපතිවරයාට සිහි කැදවීමේ නියෝගයක් නිකුත් කළා.
ඒ මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය කියා සිටියේ මොවුන් දෙදෙනාට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන් කර උදෘත උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව මෙම සිද්ධියට අදාල නීතිපති උපදෙස් ලබාගෙන වාර්තා කිරීමට මෙම නඩුව ඔක්තොම්බර් මස 23 වැනිදා යලි කැදවනු ඇති.
එමෙන්ම මෙම නඩුවේ චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදිට අගෝස්තු මස 03 වනදා සිට 10 වනදා දක්වා විදෙස් ගතවීමටද  මහෙස්ත්‍රාත්වරිය අද අවසර ලබාදුන්නා.
ඒ ඔහු මෝසමක් මාර්ගයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්, කුලී පදනම යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාදුන් වාහන 40ක්  අවභාවිතා කරමින් රජයට රුපියල් කෝටි 9කට අධික පාඩුවක් සිදු කළ බවට පොදු දේපල පනත යටතේ මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවන් දෙදෙනා පසුව ඇප මත මුදා හැරුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

Shiran Viraj

විශේෂඥ වෛද්‍යවරයෙක් NPP සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය හම ගහයි…

Shiran Viraj

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Shiran Viraj
Translate »