31 C
Colombo
2026-02-19
mediahumanrights.lk
NewsPoliticalSportsSports News

"මෙහෙන් ෆිට්නස් හදාගෙන ගිහින් ගැහුවේ ඉන්දියාවට"

මින්පසු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් නොවන කිසිදු ක‍්‍රීඩකයෙකු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ තරග සඳහා ඇතුළත් නොකරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා මීට පෙර කළ ප‍්‍රකාශයකට ලසිත් මාලිංග දැක් වූ ප්‍රතිචාර සම්බන්ධයෙන්ද යළි පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ “සමහර සමහර ක්‍රීඩකයින් කියන කියන දේට උත්තර දෙන්න මම සූදානම් නැහැ.කොයි තරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් කරන්න දෙයක් නැහැ..ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් නම්. ඔය කියන ක්‍රීඩකයෝ පසුගිය කාලයේ කළේ..මෙහෙන් ෆිට්නස් හදාගෙන ගිහින් ක්‍රීඩා කරන්නේ ඉන්දියාවේ. අපි දැක්ක දෙයක් තමයි සමහර අයගේ උදරයේ මේද මට්ටම 20% දක්වා වැඩි වෙලා තිබුණා. ඒක තියෙන්න ඕනේ 12% මට්ටමකයි. පන්දුවාර 50 තරගයකදී පන්දු යවන්නෙක් පන්දුවාර 10 ක් යවන්න ඕනේ.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

ලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

රේගු දැලේ පැටලුණු ජංගම දුරකථන (PHOTO)

Shiran Viraj

පබා බබා සමග මුල් වරට

Shiran Viraj
Translate »