28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දට ඥානසාර හිමි ඉන්න තැන දැන ගන්න හැටි චම්පික කියයි

ඥානසාර හිමියන් ඉන්නා තැන පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාට දැන ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ නීතිතඥයාට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අද(19) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඥානසාර හිමියන් ඉන්නා ස්ථානය පිළිබඳ තමන් දන්නා බවට නොයෙකුත් පුවත් ඉතාමත් දුෂ්ට ලෙස මාධ්‍යය තුළින් මේ දිනවල වාර්තා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
උදය ගම්මන්පිල මහතාට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ද මහින්ද රාජපක්ෂ මහතාට ඥානසාර හිමියන් පිළිබඳ තොරතුරු දැන ගත හැකි බව ද අමාත්‍යවරයා පවසයි.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ගම්මන්පිල, ගොඨාභය හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් ද පෙනී සිටි බවත් ගම්මන්පිල මහතා ඔහුගේ කනිෂ්ට නීතිඥයෙක් බව ද අමාත්‍යවරයා කියා සිටියි.
මේ අතර පසුගිය 2004 වසරේ පැවති මහ මැතිවරණයෙන් පසුව ඥානසාර හිමියන් ජාතික හෙළ උරුමය සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොපවැත් වු බවත් ඥානසාර හිමියන් 2015 මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක් වු බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

Shiran Viraj

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

Shiran Viraj

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

Shiran Viraj
Translate »