2026-02-25
mediahumanrights.lk
Local NewsNews

භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ 1ක් අල්ලයි

තඹුත්තේගම නගරයේ දී භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී අදාළ භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු භූගත වස්තු සම්බන්ධ කැණීම් සිදුකර ඇත් ද යන්න සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන  ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

2014 න් පසු විශ්‍රාම ගිය සේවකයන් ලංවිම යළි කැඳවයි

Shiran Viraj

මාධ්‍යවේදීන්ට පහරදුන් පියුමිගේ කොල්ලෝ භාරවෙති – අද පෙරට්ටුවට

Shiran Viraj

ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

Shiran Viraj
Translate »