2026-02-23
mediahumanrights.lk
NewsSportsSports News

පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයි

ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය ඊයේ (14) සමත් වුණා.
ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය කඩුලු 08කින් පරාජය කරමින්.
තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.
තරගයේ මුල සිටම පකිස්තාන පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට එල්ල කළේ දැඩි පීඩනයක්. තරගයේ වීරයා සම්මානය දිනාගත් හසන් අලි ලකුණු 35කට කඩුලු 03යි.
ජුනයිඞ් ඛාන් සහ රූම්මාන් රයිස් කඩුලු 02 බැගින් බිඳ හෙළුවා.
පකිස්තානය සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ 38 වන පන්දුවාරයේ දී කඩුලූ 02ක් පමණක් බිඳ වැටී තිබියදීයි. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවක් ගොඩනැගු අසාර් අලි ලකුණු 76ක් සහ ෆකාර් සමාන් ලකුණු 57ක් රැස් කළා.
පකිස්තාන කණ්ඩායමක් ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තෝරා ගැනෙන තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය අද (15) පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.
(under the courtesy of nethfm news web)

Related posts

කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුට

Shiran Viraj

මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj

හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා

Shiran Viraj
Translate »