mediahumanrights.lk
Local NewsNews

කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ගුවන් සෙබලෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ගුවන් තොටුපලේ රාජකාරී කළ සෙබලෙකු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ.
සැකකාර ගුවන් හමුදා සෙබළා විදේශයක සිට පැමිණි පුද්ගලයෙකු සමඟ සැක කටයුතු ලෙස හැසිරෙන ආකාරය සී සී ටී වී කැමරා මඟින් නිරීක්ෂණය කර රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
තිස් දෙහැවිරිදි මෙම ගුවන් හමුදා සෙබලා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සතුව තිබී සොයා ගැණුනු රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් දෙකකට අධිකයි.
(under the courtesy of nethfm news web)

Related posts

මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Shiran Viraj

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

Shiran Viraj

එජාප ලයිස්තුවෙන් හෙළඋරුමය හැලෙයි !

Shiran Viraj
Translate »