mediahumanrights.lk
Local NewsNews

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී කිරි ගොවීන්ට විසඳුමක් ලැබෙනු ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න කියා සිටියේ.
අද පැවත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී කිරි ගොවීන් කොළඹට කැඳවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් කිරි ගොවීන්ගෙන් කිරි එක් රැස් කිරීමේ කටයුතු අඩාල වූ ඉකුත් සමයේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් බවයි ග‍්‍රාමීය කටයුතු අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

අලුත් දේශපාලන පක්ෂ ගැන අවසන් තීරණයක් ගන්න කොමිසම සැරසෙයි

Shiran Viraj

ඡන්දය නොපැවැත්වීමේ වගකීම මහින්ද ආණ්‌ඩුවට භාර කරයි

Shiran Viraj

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj
Translate »