mediahumanrights.lk
Local NewsNews

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගතවූ මාසයක කාලය තුළ පමණක් කිඹුලන්ගේ පහරකෑම්වලට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කිඹුලන් දෙදෙනෙකු මෙම ජලාශවල ජීවත් වන බවටද තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණය හේතුවෙන් බොහෝ සංචාරකයින් කණ්ඩලම සහ දඹුළු ඔයේ දියනෑමට පැමිණෙමින් සිටිනවා.
පවතින තත්ත්වය සලකා අනතුරු ඇගවීමේ පුවරු සවි කිරීමටද පොලීසිය කටයුතු කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කොටස් වෙළඳපොළ පහළට

Shiran Viraj

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Shiran Viraj

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

Shiran Viraj
Translate »