mediahumanrights.lk
Local NewsNewsPolitical

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

තමාගේ අදහස් ප්‍රකාශ කිරීම් හේතුවෙන් අස්ගිරි පාර්ශ්වීය සංඝයාවහන්සේලාට යම්කිසි හිත් රිදීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා.
කොළඹදී අද (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සමාව ගැනීමට හා කණගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළා.
එසේම තම ප්‍රකාශ හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ද අපහසුතාවකට පත්වූයේ නම් උන්වහන්සේගෙන්ද සමාව ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා සමාව ගැනීමෙන් පසු වැඩි දුරටත් සඳහන් කළේ “මේ කරුණු දැක්කම දැනෙනවා මටම එල්ල කරලා කියලා” යනුවෙනි.
මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට ඊයේ (20) නිවේදනයක් නිකුත් කළා.
මෙම නිවේදනය සියලු දෙනාට කොළ එළියක් බවත් මේ කෙරෙහි අවධානයක් නොදක්වන්නේ නම් එය රතු එළියක් බවට පත්වෙනු ඇති බව එහිදී සඳහන් කළා.
ජාතිවාදී හැගීම් අවුස්සන දේශපාලඥයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඩ කිරීම සඳහා රජය දරණ උත්සහායට සිය බලවත් අප්‍රසාදය පළ කරන බවද මේ නිසා රට තුළ ඉදිරියේ දී යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය ගත යුතු බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

පාරේ කුණු දාන අයට ඉදිරියේදී වැඩ වරදියි

Shiran Viraj

සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..

Shiran Viraj

කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරට

Shiran Viraj
Translate »