32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්

2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ඉරණම විසඳීම සඳහා අවශ්‍ය කරන නිවාස 25,000 ක වැඩකටයුතු ශක්තිමත්ව නිම කර අවසන් කරන බවත් නිවෙසකට අමතරව පරිපූර්ණ ජීවිතයක් ජනතාවට ලබාදීම සඳහා කි‍්‍රයාකරන බවත්  මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව මේ වසරේ ස්ථාන 6ක මධ්‍යම පාන්තික වෘත්තීය නිවාස 5000 ක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කර ඇති බවත් දැනටමත් බොරැල්ල ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයේ වැඩ ඉතා හොඳින් සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.
අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව මාලිගාවත්තේ ඉදිකරන ලද නිවාස ඒකක 192 කින් සමන්විත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරිණි.
මෙහි සමස්ථ නිවාස ඒකක ප‍්‍රමාණය 768 ක් වන අතර නිවාස  192  බැගින් ගොඩනැගිලි 4 ක් ඉදිකිරීම සැලසුම් කර ඇති අතර ඉන් නිවාස 384 ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස ලෙස ලබාදීමට නියමිතයි.
ඒ අනුව පළමු නිවාස 192 අද(28) දින ජනපතිතුමා විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 6270 කි.
කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් නොගන්නා රජයට පාඩු කරන්නේ නැති ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන අතර මෙවැනි නිවාස ව්‍යාපෘති සඳහා යොමු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

(under the courtesy of adaderana news web)

Related posts

ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීමට නව දේශීය ජංගම දුරකථන යෙදුමක්

Shiran Viraj

කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ලංකාවට නෑ.. අප එය පාලනය කලා..

Shiran Viraj

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

Shiran Viraj
Translate »