mediahumanrights.lk
BusinessBusiness NewsNews

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය කර සිටී.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් වන අතර සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවයි.
මේ අතර මුදල් නීති පනත යටතේ පනවන ලද අදාල රෙගුලාසි යටතේ සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු නොකරන බවත්, මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
එවැනි පුරුදුවලින් වළකින මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර දැනට තිබෙන එවැනි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා මෙන් ඉල්ලා සිටී.

Related posts

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

Shiran Viraj

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj
Translate »