27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

ශ්‍රී ලන්කන් ගැන තීරණාත්මක තීන්දුවක් ගන්න ජනපති සූදානම්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදූව ඇති දූෂණ සහ වංචා පරීක්ෂා කිරීම සඳහා නීතිඥ ඡේ.සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට රජය අද (20) තීරණය කළා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදූ කර ඇති අකටයුතුකම් පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුනා.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා ඇතුලු ඇමතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදූ කර ඇති වංචා සහ දූෂණ, අවිධිමත් පත් කිරිම් පිළිබඳව දිර්ඝ ලෙස කරුණු පෙන්වා දී තිබෙනවා.
මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩලයේම සාමාජිකයින් සිව්දෙනෙකු කරුණු ඉදිරිපත් කළා.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට විරුද්ධව අමාත්‍යවරුන් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය බවත්, අධ්‍යක්ෂ මණ්ඩලය බෙදී ඇති බවත්, ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුපාඩු ඇති බවයි. නමුත් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ අලාභය අවම කර ගැනීමට හැකි වූ බවත්, පරිපාලනමය ගැටලු විසඳා ගැනීම ඔවුන් සතු වගකීමක් බවත් පෙන්වා දූන්නා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණාත්මක තීන්දූවක් ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Shiran Viraj

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණ

Shiran Viraj
Translate »