2026-02-12
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ව්‍යාපාරිකයකු නයෝමිගේ හිත දිනාගෙන

මේ දවස්වල නයෝමි කාර්යබහුලයි වගේ?
ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල මම “නෙතු” නාට්‍යයේ සහ “ඔක්කොම හොඳටයි” නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වැඩකටයුතුවලට තමයි කාර්යබහුල.
පුංචි තිරයේ වැඩවලට දැන් ලොකු දායකත්වයක් දෙන්න අරගෙන නේද?
ඔව්. මේ දවස්වල ටිකක් වැඩියෙන් වැඩ කරනවා.
දැන් නයෝමිගෙ ජීවිතයේ ඔක්කොම හොඳටද සිද්ධ වෙන්නෙ?
ඔව්. ඔක්කොම හොඳට තමයි සිද්ධ වෙන්නෙ. වරදක් නැහැ. සතුටින් ඉන්නවා.
හාසේ‍යාත්පාදක ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
ඒක හාස්‍ය උපදවන නාට්‍යයක් වුණාට ඒකෙ මම නිරූපණය කරන දිල්කි කියන චරිතයේ එහෙම ස්වභාවයක් තිබුණෙ නැහැ. ඒ නිසා තමයි මම එය භාර ගත්තේ.
දිල්කිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හුඟක් ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම හැමෝම හොඳයි කියනවා.
දැන් පුංචි තිරයේදි ලැබෙන ආරාධනා ඔක්කොම භාර ගන්නවාද?
තව වැඩ කිහිපයක්ම ලැබිලා තියෙනවා. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙද්දි ස්ක්‍රිප්ට් එක බලනවා. මගේ අධ්‍යාපන කටයුතුවලටත් ඉඩ වෙන් කරලා තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.
පුංචි තිරයේ ජනප්‍රිය වෙන්න වෙන්න සමහර අයට වේදිකාව අමතක වෙනවා. නයෝමිත් එහෙම කරයිද?
එහෙම කරන්නෙ නම් නැහැ. මොකද මම මේ ක්ෂේත්‍රයට ආවේ වේදිකාවෙන්.
ක්ෂේත්‍රයේ සමහරු නයෝමිව අගය කරන්නත් අරගෙන. මොකද හිතෙන්නේ?
ඔව්. ඇත්තටම මට ප්‍රවීණ අය පවා කියන දෙයක් තමයි මම ආධුනික වුණාට එහෙම දෙයක් පේන්නෙ නැහැ කියන එක. සමහර විට මම වේදිකාවෙන් අභ්‍යාස ලබලා තියෙන නිසා වෙන්න ඇති ඒ වගේ අගය කිරීමට ලක්වෙන්නෙ.
ඒ කියන්නෙ වේදිකාවටත් කාලය වෙන් කරගෙනද තියෙන්නේ?
ඔව්. මම ළඟඳීම තවත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ඉන්නෙ.
රංගනය වෘත්තියක් විදියට කරන්න හිතාගෙනමද කොළඹට ආවේ?
නැහැ. ඇත්තටම මම කොළඹට ආවේ නාට්‍ය හා රංග කලාව උපාධිය හදාරන්න. මම පාසල් කාලයේදීත් නර්තනයට තමයි කැමැත්තෙන් හිටියෙ. විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවෙලා ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලට ඇතුළු වුණා. එතැනදී තමයි මගේ මේ හැකියාව දැනගත්තෙ.
වේදිකාවට, පුංචි තිරයට පය තිබ්බා වගේම දැන් සිනමාවටත් සම්බන්ධ වෙලා නේද?
ඔව්. මම ‘නිදහසේ පියා’ චිත්‍රපටයේ ‍ෙදාන් පේදිරිස්ගෙ බිරියගෙ චරිතයට සම්බන්ධ වුණා.
වේදිකා රංගනය වෙනුවෙන් සම්මානනීය වුණානේ. පුංචි තිරය, සිනමාව වෙනුවෙනුත් සම්මානනීය වීමේ බලාපොරොත්තුවක් තියෙනවාද?
මම ජාතික යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා. ඇත්තටම ඒක මම තරග කරපු පළමුවෙනි අවස්ථාව. හිතුවෙවත් නැහැ ඒ අවස්ථාව ලැබෙයි කියලා. පුංචි තිරය, සිනමාව ගැනත් ඒ වගේම බලාපොරොත්තුවක් තියෙනවා. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.
කොළඹ කොල්ලෙක්ට නයෝමිගෙ හිත ගිහින් කියන්නේ ඇත්තද?
නෑ. ඒක මම අනුරාධපුරේ ඉන්නකොටම තිබුණු සම්බන්ධයක්. නමුත් එයා දැන් ඉන්නේ කොළඹ.
දැන්ම එකලාසයක් වෙන්න අදහසක් නැද්ද?
නැහැ. අපි දෙන්නම කතාබහ කරගෙන තව ටික කාලයක් මෙහෙම ඉන්න හිතුවා.
කවුද මේ නයෝමිගෙ හිත ගිය කුමාරයා කියලා කියමුද?
එයා ව්‍යාපාරිකයෙක්. දැනට එච්චරක් කිව්වම ඇති නේද? වැඩි විස්තර පස්සෙ කියන්නම්.
එයාගෙන් රංගනයට බාධා නැද්ද?
නැහැ. එයාට කලාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. මම කරන්නෙ නිවැරැදි දේ කියලා එයා දන්නවා. ඉතිං එයා මට ලොකු සහයෝගයක් දෙනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකට

Shiran Viraj

ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…

Shiran Viraj

ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුර

Shiran Viraj
Translate »