mediahumanrights.lk
NewsSportsSports News

වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්න

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග හට වසරක තරග තහනමක් පනවා එය මාස 6 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එම මාස හයෙහි පරිවාස කාලය තුළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළහොත් මාලිංගට තරග තහනමක් පනවනු ඇති.
එමෙන්ම ඔහු මීළගට සහභාගි වන එක්දින තරගයේ ගාස්තුවෙන් සියයට 50 ක මුදලක් දඩ වශයෙන් නියම කර තිබෙනවා.
කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ මාලිංග සිම්බාබ්වේ තරගාවලියට නම් කළ ශී‍්‍ර ලංකා සංචිතයේද සිටින බවයි.
ඔහුට එරෙහිව මෙලෙස දඩුවම් නියම කර ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් දැක්වීම හේතුවෙන්.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව හමුවේ ලසිත් මාලිංග වරද පිළිගත් බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතිය

Shiran Viraj

නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයනවා

Shiran Viraj
Translate »