mediahumanrights.lk
Local NewsNewsPolitical

ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවත් සමග හටගත් මත්භේදාත්මක තත්ත්වය මෙතෙක් අවසන්වී නැහැ.
මේ වනවිට හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් විසින් යළිත් වරක් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ලිපියෙන් ආර් සම්බන්ධන් පෙන්වා දී ඇත්තේ චෝදනා එල්ල වී නොමැති අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තමාට වගකීමක් භාර ගත නොහැකි බවයි.
ඒ, චෝදනා එල්ල වී නොමැති අමාත්‍යවරුන්ගේ වගකීම භාර ගන්නැයි සී වී විග්නේෂ්වරන් ලිපියක් මගින් කර තිබූ දැනුම් දීමට ප්‍රතිචාර වශයෙන්.
මෙම ගැටළුව උද්ගත වීමෙන් පසු දෙදෙනා අතර හුවමාරු වු සිව් වන ලිපි ගණුදෙනුව මෙය වනවා.
දූෂණ වංචා හේතුවෙන් පළාත් අමාත්‍යවරුන් දෙදෙනෙකු ධුරවලින් ඉවත් කර තවත් දෙදෙනෙකුට මාසයක කාලයක නිවාඩුවක් ලබා දීමටයි ප්‍රධාන අමාත්‍යවරයා ඉකුත්දා කටයුතු කළේ.
ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතුව ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණා.
මේ අතර ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ දී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාට එරෙහි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ කොළඹින් බවයි.
අවශ්‍ය මොහොතේ ඒ පිළිබඳ අනාවරණය කරන බවයි සී වී විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Shiran Viraj

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

Shiran Viraj

දේශපාලඥය. රාජ්‍ය නිලධාරීන් කොටු කරන්න නව නීති

Shiran Viraj
Translate »