mediahumanrights.lk
Local NewsNews

රෝගීන් යළිත් අමාරුවේ – ගිලන් රථ වර්ජනයත් අද ඇරඹෙයි

දිවයින පුරා සිටින ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන 07.00 සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සියලු පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබා දුන් පොරොන්දු  ඉටු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ඒ අනුව අද සහ හෙට එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවයක් ලෙස සලකා හදිසි රෝගීන් පමණක් ප‍්‍රවාහනය කිරීමට සිය රියදුරන් සූදානම් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක් (VIDEO)

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Shiran Viraj
Translate »