mediahumanrights.lk
Local NewsNews

රාගම කොල්ලයේ සැකකරුවන් කොල්ලකෑමේ මහමොළකරුවන්

රාගම බැසිලිකා විද්‍යාලය අසල ඊයේ (26) සිදු වූ මුදල් කොල්ලය පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල් ලක්ෂ 77ක මුදලක් මෙලෙස කොල්ලකා තිබූනේ ගිනි අවි සහිතව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙක්.
අදාළ මුදල් තොගය කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
කොල්ලකෑමට පැමිණි සැකකරුවන් මීට පෙර මූල්‍ය ආයතන රැසක් කොල්ලකා ඇති පුද්ගලයින් බවට ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවේ පසු වූ ඔවුන් මේ වනවිට ඇප මත මුදාහැර සිටින පුද්ගලයින් බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා බුද්ධි කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
කොල්ලකෑම සඳහා යොදාගත් මෝටර් රථය පැමිණ ඇත්තේ යතුරුපැදියක අංක තහඩු සහිතවයි. එම අංක තහඩුවට අනූව යතුරුපැදිය තලවතුගොඩ ගරාජයකට අයත්ව තිබූ බව ද අනාවරණය වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Shiran Viraj

තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVE

Shiran Viraj

ඉන්දියාවට මොනව හරි දෙන්න ඕනෙම නම්; පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය දෙන්න. නැගෙනහිර පර්යන්තය ඉතුරු කරන්න!!!

Shiran Viraj
Translate »