mediahumanrights.lk
Local NewsNews

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පාසල් ශිෂ්‍යාවකට එන්නතක් විද පලායයි

කන්තලේ,පේරමඩුව ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට මහ මඟදී එන්නතක් විදීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාල සිසුවිය පසුගිය 17 වනදා උපකාරක පන්ති අවසන් වී නිවසට පැමිණෙමින් සිටින අතරතුර  යතුරුපැදියකින් පසුපසින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙන් සිසුවියට එන්නත විදීමෙන් පසු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා ශිෂ්‍යාවගේ දකුණු අතේ බහුවට එන්නත විද ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරිය දෙමව්පියන් වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය කන්තලේ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිදුර පරීක්ෂණ සදහා අය ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇති අතර දැරිය සාමාන්‍ය තත්වයන් පසුවන බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ දැරියගෙන් ලබා ගත් ලේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට ඒවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

Shiran Viraj

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

Shiran Viraj

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Shiran Viraj
Translate »