mediahumanrights.lk
NewsSportsSports News

බංගලාදේශය පරදවමින් කෝලි තැබූ වාර්තාව මෙන්න – ගංගුලි හා ටෙන්ඩුල්කාරුත් කෝලිට පරදී

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරගය ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි.
ඒ බංගලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින්.
මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී නව වාර්තාවක් පිහිටුවීමට සමත්වුනා.
ඒ සිය එක්දින ලකුණු අටදහසේ සීමාව පසු කරමින්.
අඩුම ඉණිම සංඛ්‍යාවකදී එම ලකුණු සංඛ්‍යාව ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා වන්නේද විරාට් කෝලීයි.
කෝලි ලකුණු 8000 ලබාගෙන ඇත්තේ එක්දින ඉනිම් 175 දියි.
එක්දින ලකුණු 8000 ලබාගත් ක්‍රීඩකයන් අතර දෙවන ස්තානයේ පසුවන්නේ ඒ.බී ඩිවිලියස්. ඔහු ඒ සදහා ඉනිම 182 ක්‍රීඩා කර තිබෙනවා.
තෙවන ස්තානය සවුරව් ගංගුලිට හිමිව ඇති අතර ඔහු ඒ සදහා ඉනිම 200 ක්‍රීඩා කර තිබෙනවා.
සචින් ටෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා පිළිවෙලින් හතරවන සහ පස්වන ස්ථානවල රැඳී සිටිනවා.
(under the courtesy of adaderana news web)

Related posts

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.

Shiran Viraj

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

Shiran Viraj

පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට මරණ දඬුවම

Shiran Viraj
Translate »