2026-01-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන්න රජය පියවර ගෙන තිබෙනවා

අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග  ගෙන ඇති බවය.
35 ජිනිවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් රවිනාත ආරියසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් වන මොනිකා පින්ටෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගියදා වාර්තාවක් ඉදිරිපත් කළේය.
මොනිකා පින්ටෝ මහත්මිය පසුගිය වසරේ  ශ්‍රී  ලංකාවේ සංචාරයක නිරත වු අතර එහිදි ඇය විසින් ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබදව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් වු වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රවිනාත ආරියසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව රවිනාත ආරියසිංහ මහතා පවසයි.
විශේෂයෙන් එමගින් ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීම ස්වාධීනව සිදුකිමට පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.
පින්ටෝ මහත්මියගේ වාර්තාවෙන් විනිසුරුවරුන්ට රජයෙන් බලපෑම් එල්ල වන බවට සඳහන්ව තිබුණ ද නව රජය යටතේ එවන් තත්ත්වයක් සිදුනොවන බවත්, විනිසුරුවරුන්ගේ බලය වැඩි කිරීමට මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ද නව රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රවිනාත ආරියසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..

Shiran Viraj

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj

කප්පම්කරු හා පොලිස් නිලධාරියා පොර බදිද්දී ගිනි අවිය පත්තු වෙලා – දෙදෙනාම රෝහලේ

Shiran Viraj
Translate »