mediahumanrights.lk
Local NewsNewsPolitical

නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමට

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්ෂක වසන්ත අල්විස් මහතා ද අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු සති දෙකක පමණ කාලයක් ක‍්‍රියාත්මක වූයේ නැහැ.
ඒ, එහි කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන විදේශගතවීම හේතුවෙන්. ඒ අනුව කොමිසමේ කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Shiran Viraj

මාලදිවයිනේ සිට පැමිණි පස් දෙනෙකුට කොරෝනා

Shiran Viraj

ඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දා

Shiran Viraj
Translate »