mediahumanrights.lk
Local NewsNews

නානුඔය සිද්ධිය ගැන පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක්

නුවරඑළිය – නානුඔය නගරයේදී ටිපර් රථයක ගැටී 7 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.
ඊයේ දිනයේදී මෙම සිද්ධියට අදාළව නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලිකව ස්ථාන මාරුවීමක්ද ලබාදෙනු ලැබුවා.
මේ අතර, අදාළ අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
නානුඔය – රදැල්ල ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දෙව්මිණි ආකර්ශා නම් දැරිය ඊයේ උදෑසන පාසල් යාමට පැමිණි අවස්ථාවේදී කහඉර මතදී ටිපර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වුණා. පසුව ප්‍රදේශවාසීන් කලහකාරීව හැසිරුණු අතර, ටිපර් රථය ද ගිනි තබා විනාශ කළා.
ඔවුන් නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය නානුඔය ප්‍රදේශයෙන් අවහිර කරමින්  උද්ඝෝෂනයේ නිරතවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පසුව ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj

පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

Shiran Viraj

බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේ

Shiran Viraj
Translate »