mediahumanrights.lk
Local NewsNews

නානුඔය සිද්ධිය ගැන පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක්

නුවරඑළිය – නානුඔය නගරයේදී ටිපර් රථයක ගැටී 7 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.
ඊයේ දිනයේදී මෙම සිද්ධියට අදාළව නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලිකව ස්ථාන මාරුවීමක්ද ලබාදෙනු ලැබුවා.
මේ අතර, අදාළ අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
නානුඔය – රදැල්ල ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දෙව්මිණි ආකර්ශා නම් දැරිය ඊයේ උදෑසන පාසල් යාමට පැමිණි අවස්ථාවේදී කහඉර මතදී ටිපර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වුණා. පසුව ප්‍රදේශවාසීන් කලහකාරීව හැසිරුණු අතර, ටිපර් රථය ද ගිනි තබා විනාශ කළා.
ඔවුන් නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය නානුඔය ප්‍රදේශයෙන් අවහිර කරමින්  උද්ඝෝෂනයේ නිරතවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පසුව ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මොකද්ද මේ පාකින්සන් රෝගය?

Shiran Viraj

චීනය බුලට් දුම්රිය අත්හදා බලයි

Shiran Viraj

අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි

Shiran Viraj
Translate »