mediahumanrights.lk
Local NewsNews

දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක

අද(21) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ජින් රියදුරු සහයකයින් වැඩ වර්ජනයක නිරත වෙන බව එම සංගමය පවසයි.
වැටුප් විශමතාවයන් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගය ගත් බව ද එම සංගමය වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ දිනයේ දී ප‍්‍රකාශ කළේය.
ඉල්ලීම්  8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් මෙලෙස ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණි.

(under the courtesy of adaderana news web)

Related posts

නැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්

Shiran Viraj

මවට-පියාට හිරිහැර කළ පුතුන් 2ට වැඩ වරදී

Shiran Viraj

තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක් නිරූ­පි­කා­වක වීමට හීන මවන හිරුණි විජේ­සිංහ

Shiran Viraj
Translate »