25.6 C
Colombo
2026-02-24
mediahumanrights.lk
LIFELIFE NEWSNews

දවල් කෑමට පස්සේ නිදිමතයි ද?

රසවත් දිවා ආහාරයක් භුක්ති විඳලා දැන් නිදාගන්න හිතෙනවා නේ කියල ඔබට හිතිලා නැද්ද? “අම්මෝ දැන් නම් ඔෆිස් එකේ ඇඳක් දාගෙන නිදාගන්න තරම් හිතෙන්නේ මට විතරද?” බයවෙන්න එපා.එය ඔබට විතරක් දැනෙන හිතෙන ප්‍රශ්නයක් නම් නෙමේ.එය අපි හැමෝටම වගේ ඇතිවන ගැටළුවක්.මෙය සාමාන්‍යයෙන් ඇතිවන ස්වභාවික තත්වයක් වුවත් මිනිසුන් එය දකින්නේ සුළුවට.ඒත් මේ ගැන දෙවරක් හිතන්න නම් වෙනවා.මේ බලන්නකෝ…..
සිරුර ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගද්දි ඒ හැම අවස්ථාවකදීම අපේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම වැඩිවෙනවා.අප ආහාර ගන්නා හැම වෙලාවේම අග්න්‍යාශය රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න අවශ්‍ය ඉන්සියුලින් නිකුත් කරනවා.මේ විධියට ඉන්සියුලින් නිපදවීම වැඩිවෙන්න වැඩිවෙන්න සිද්ධ වෙන්න පුළුවන් දේවල් දෙකක් තිබෙනවා.ඔබේ මොලයට නිදිමත ඇතිකරවන හෝමෝන නිකුත් කිරීමක් පටන් ගැනෙනවා,එහි ප්‍රතිඵලයක් විධියට මෙලොටෝනින් සහ සේරෝටෝනින් පිටවෙනවා.විශේෂයෙන්ම මෙලොටෝනින් කියන්නේ නිදිමත හෝමෝනයක්.
ඒවගේම අනෙක් දේ තමයි අපි හොඳ ඝන ආහාරයක්,බර ආහාරයක් එහෙම ගත්තත්…වැඩියෙන් ආහාර ගත්තත් අපේ සිරුර ආහාර ජීර්ණය කරන්න අවශ්‍ය ශක්තිය 60%-75% වගේ ප්‍රමාණයක් වැය කරනවා.මේ නිසා වැඩියෙන් ආහාර ගත්තම වැය කරන්න සිද්ධ වෙන ශක්ති ප්‍රමාණය ත් වැඩියි.ඉතින් සිරුරේ අනෙකුත් අවයව සහ පද්ධතීන් වලට දෙන අවධානය ට වඩා වැඩි අවධානයක් සහ ශක්තියක් ආහාර ජීර්ණ පද්ධතිය වෙනුවෙන් ඔබේ සිරුර යොමු කරනවා.එවිට ඔබත් වැඩ කරලා ශක්තියක් වැය කිරීමෙන් සිරුර තවත් වෙහෙසට පත්වෙන නිසා එය වලක්වන්න යි ඔබේ මොලය ට මෙලොටෝනින් වැනි නිදිමත හෝමෝන නිකුත් කරන්නේ.එලෙස නිදාගැනීමෙන් පසුකාලීනව ක්‍රමයෙන් ඔබේ සිරුරේ අනවශ්‍ය මේදය තැන්පත් වී ඔබ තරබාරු වෙන්න,අලස වෙන්න,ඉක්මනින් වෙහෙසට පත්වෙන්න පටන්ගන්න එක අහන්නත් දෙයක් නෙමේනේ….ඉතින් අන්තිමට ඔබ නිකන්ම ලෙඩ වෙන එකයි වෙන්නේ.ඊටපස්සේ ඉතින් දියවැඩියාව,අධි රුධිර පීඩනය,හෘදයාබාධ,ස්ට්‍රෙස් වගේ බරපතල රෝග ඉබේම වැළඳෙන එක සාමාන්‍ය යි.

මේ පසුබෑමෙන් වැළකෙන්න නම්…

මෙය මුලදී ස්වභාවික වුනත් හොඳ පුරුද්දක් නම් නෙමේ කියල ඔබටම හිතෙනවා ඇති නේ.මේ නිසා නිකරුනේ ඔබ ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒ නිසා ඔබේ එදිනෙදා කටයුතු වලටත් හුඟක් බාධා එල්ල වෙන්න පුළුවනි.කරන්න ඕන හොඳම දේ තමයි සරල ආහාරයන්ට යොමුවීම.ඒ වගේම ඔබට පුළුවන් කුඩා ආහාර වේල් ලබාගන්න.මේදය,ප්‍රෝටීන් බහුල ආහාර වලින් වැලකි සිටින්න.කටට රසට තිබුනට ගුණය කොච්චරයිද කියලා හිතලා කෑම කන්න.
මෙය ඔබට අත් හැරගන්න ම නොහැකි නම් පමණක් පෝෂනවෙදියකු හෝ වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවනි.
(under the courtesy of www.womanly.lk)

Related posts

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේ

Shiran Viraj

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශයෙන් කිසිවකු නම් කර නැති බව රජය පවසයි

Shiran Viraj

SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…

Shiran Viraj
Translate »