mediahumanrights.lk
NewsSportsSports News

ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය.
මෙම තරගාවලියට ටෙස්ට් තරග තුනක් , එක්දින තරග පහක් සහ එක් 20-20 තරගයක් ඇතුළත්ය.
විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජුලි 26 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරේ.
දෙවන ටෙස්ට් තරගය අගොස්තු 04වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර තුන්වන ටෙස්ට් ක්‍රීඩාංගනය ආරම්භ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.
එක්දින තරග පහෙන් තරග දෙකක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේත් තරග දෙකක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේත් එක් තරගයක් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේත් පැවැත්වීමට නියමිතය.
විස්සයි විස්ස තරගය සැප්තැම්බර් 06වනදා ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

Shiran Viraj

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Shiran Viraj
Translate »