mediahumanrights.lk
Local NewsNews

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්

රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන් විසින් මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි.  දේශපාලන මති මතාන්තරවලින් සහ ජාතික හා ආගම් අන්තවාදයෙන් තොර සියලූ ආගමිකයින් හා ජාතීන් නියෝජනයවන පිළිගත හැකි විද්වත් ස්වාධීන කොමිසමක් පිහිටුවීම ද මෙම යෝජනාවලියේ අඩංගු කරුණක්. ආගමික ගැටුම්වලට බලපා තිඛෙන අභ්‍යන්තරික හා බාහිර හේතු සාධක විමර්ශනාත්මකව සොයා බැලීම පිළිබඳව ද මෙම යෝජනාවලියේ ඇතුළත්ව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Shiran Viraj

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Shiran Viraj

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj
Translate »