mediahumanrights.lk
Local NewsNews

කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීති

කොළඹ නගරයේ විවිධ ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ කොළඹ නගරයේ තැන් තැන්වල කැළි කසළ එක් රැස් වීමට ජනතාව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
කොළඹ නගරයේ ඇති මහල් නිවාස සංකීර්නවල කැලි කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද මෙහිදී ප්‍රකාහ කෙරුණා.
මේ අතර, කොළඹ නගරයේ තැන් තැන්වල කැළි කසළ එක් රැස් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට තරයේ අවවාද කර ඇතැයි ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.
දින 03ක් ඇතුළත් කොළඹ නගරයේ ගොඩ ගැසී ඇති කැළි කසළ ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට නියෝග කළ බවයි එහි දැක්වුණේ.

(under the courtesy of nethfm news web)

Related posts

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

Shiran Viraj

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj
Translate »