mediahumanrights.lk
Local News News

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී කිරි ගොවීන්ට විසඳුමක් ලැබෙනු ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න කියා සිටියේ.
අද පැවත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී කිරි ගොවීන් කොළඹට කැඳවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් කිරි ගොවීන්ගෙන් කිරි එක් රැස් කිරීමේ කටයුතු අඩාල වූ ඉකුත් සමයේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් බවයි ග‍්‍රාමීය කටයුතු අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

2018 වර්ෂයේ කැලැන්ඩරයක් වෙනුවෙන් සිසුවියන් පිරිසක් කැමරාව ඉදිරියේ නිරුවත් වෙයි

Shiran Viraj

ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…

Shiran Viraj