mediahumanrights.lk
Local NewsNewsPolitical

කැබිනට් රැස්වීමට දුරකතන ගෙනඒම ජනපති තහනම් කරයි

කැබිනට් මණ්ඩල රැස්වීම සදහා පැමිණෙන අමාත්‍යවරුන්ට ජංගම දුරකතන රැගෙනඒම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමු කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඊයේ පැවති කැබිනට් රැස්විම අවසානයේ ජනාධිපතිවරයා විසින් ඊට සහභාගි වු සියලූ දෙනාගෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලැබ තිබෙනවා.
මේ අතර තොරතුරු පනත යටතේ ඇතැම් පිරිස් කැබිනට් මණ්ඩල රැස්වීමේ තොරතුරු අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා.
එහිදි අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එවැනි තොරතුරු අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය ගන්නා තීරණ අදාළ අමාත්‍යාංශයට දැනුම්දීමෙන් පසු එහි ලේකම්වරයා හරහා ඒවා ලබාගත හැකි බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

Shiran Viraj

තිරිගු පිටි මිල අඩු කෙරේ

Shiran Viraj

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

Shiran Viraj
Translate »