mediahumanrights.lk
International News News

ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමි

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්  ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා  ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය  කේ.පලනිස්වාමි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය දින කිහිපය තුළ ඉන්දීය ධීවරයින් හතලිස් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම ඉන්දීය ධීවරයින්ට විවිධ පහරදීම් හා හිරිහැර සිදුවන අතර එය නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස  තමිල්නාඩු ප්‍රධෘන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍ය වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

"FTT පරණ ඇඩ් වැලක එතෙයි"

Shiran Viraj

අදානි වැඩ අරඹයි..

Shiran Viraj

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

Shiran Viraj