mediahumanrights.lk
International NewsNews

ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමි

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්  ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා  ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය  කේ.පලනිස්වාමි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය දින කිහිපය තුළ ඉන්දීය ධීවරයින් හතලිස් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම ඉන්දීය ධීවරයින්ට විවිධ පහරදීම් හා හිරිහැර සිදුවන අතර එය නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස  තමිල්නාඩු ප්‍රධෘන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍ය වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Shiran Viraj

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයි

Shiran Viraj

ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි

Shiran Viraj
Translate »