mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනයි

ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
පාකිස්තාන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වෙයි.
පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 158 පමණි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්යාය.
ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි.
ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද විය.

(under the courtesy of nethfm news web)

Related posts

YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Shiran Viraj

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

Shiran Viraj

යුද ගිනි මැද පණ පිටින් වැළළුණු සිරියානු දැරියක ගොඩ ගන්නා දර්ශන (VIDEO)

Shiran Viraj
Translate »