mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්

ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ පවසනවා.
එහි කැදවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවසුවේ ඊයේ රාත්‍රියේ මහියංගණයේ හෝටලයකදී එම සමාගමේ නියෝජිතයන් මෙරට නිලධාරීන් සහ දේශපාලකයන් පිරිසකට සාදයක් පවත්වා ඇති බවයි.
ඌව පළාතේ ඉඩම් අක්කර හැට දහසකට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සදහා උක් වගා කිරීමට ලබාදීමට සැලසුම් කර ඇති බව ඌව වෙල්ලස් ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ චෝදනා කරනවා.
එම උත්සාහය පරාජය කිරීම සදහා අඛණ්ඩව සිය අරගලය ඉදිරියට ගෙන යන බවයි පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..

Shiran Viraj
Translate »