mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්

ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ පවසනවා.
එහි කැදවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවසුවේ ඊයේ රාත්‍රියේ මහියංගණයේ හෝටලයකදී එම සමාගමේ නියෝජිතයන් මෙරට නිලධාරීන් සහ දේශපාලකයන් පිරිසකට සාදයක් පවත්වා ඇති බවයි.
ඌව පළාතේ ඉඩම් අක්කර හැට දහසකට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සදහා උක් වගා කිරීමට ලබාදීමට සැලසුම් කර ඇති බව ඌව වෙල්ලස් ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ චෝදනා කරනවා.
එම උත්සාහය පරාජය කිරීම සදහා අඛණ්ඩව සිය අරගලය ඉදිරියට ගෙන යන බවයි පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Shiran Viraj

ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?

Shiran Viraj

වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායක

Shiran Viraj
Translate »