2026-01-16
mediahumanrights.lk
Local NewsNews

අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

සේරුනුවර කාවන්තිස්සපුර ප්‍රදේශයේ දී  වන අලි පහරදීමකින් කුඩා දැරියක් මියගොස් තිබේ.
සේරුනුවර කාවන්තිස්ස පුර මංගල වැව මාර්ගයේ ගමන් කරමින් සිටියදී එම දැරිය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හයක දැරියකි.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට බාරදී ඇති අතර සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කල සංවේදී ඉල්ලීම – “විජිතය ආදරයේ” ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව මෙන්න

Shiran Viraj

දෙවන විස්සයි විස්ස අද

Shiran Viraj

මාළු මිල ඉහලට…

Shiran Viraj
Translate »