mediahumanrights.lk
Local NewsNews

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 07ක සිර දඬුවම්

මුදල් අල්ලසක් ගැනීම ඇතුළු අධි චෝදනා 04කට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අද (28) වසර 07ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ හලාවත බුද්ධි කොට්ඨාශ ඒකකයේ ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ හේරත් මුදියන්සේලාගේ උදය හේරත්ටයි.
ඔහු අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා දීම සඳහා ඥාතියෙකුගෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණා.
ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම චෝදනා  08ක් ගොනු කර තිබූ අතර චෝදනා 04කට ඔහු මෙලෙස වරදකරු වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අය වැයෙන් වැඩි වූ සහ අඩු වූ වාහන

Shiran Viraj

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනය

Shiran Viraj

විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයි

Shiran Viraj
Translate »