mediahumanrights.lk
Local NewsNews

අධික ආදායම් උපයන පන්සල් වල අදායම රජයට පවරා ගැනීම කාලෝචිතයි

අධික ආදායම් උපයන වෙහෙර විහාරස්ථානවල ආදායම රජයට ගැනීමට ගෙන ඇති තීරණය ඉතා කාලෝචිත බව නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ  එම ආදායම් රජයට  ලබාගෙන දුෂ්කර වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට යොමුකිරීම සුදුසු ක්‍රියාවක් බවය.
අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා විසින් රංගිරි දඹුළු රජමහා විහාරයේ ආදායම රජයට පවරාගෙන වෙහෙර විහාරස්ථාන වැඩි දියුණු කිරීම සඳහා එම මුදල් යෙදවීමට තීරණයක් ගනු ලැබීය.
අදාළ තීරණය සම්බන්ධයෙන් අනුරාධපුරයේ දී  අද(25) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් වනවාසී රාහුල හිමි මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

Shiran Viraj

කම්කරු දිනය අද

Shiran Viraj

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj
Translate »