mediahumanrights.lk
International News News

සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්‍රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ.
මේ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යානයක් බව විදෙස් මාධ්‍යවල දැක්වේ. මෙම යානය තමන්ට පහරදීමට පැමිණි එකක් යැයි සිතා බිම හෙලූ බව අමෙරිකානු හමුදාව පවසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රයබ්කෝව් නොසතුට පළ කර තිබේ.
පසුගිය ඉරිදා අමෙරිකාව විසින් සිරියානු ජෙට් යානයක් වෙඩි තබා බිම හෙලනු ලැබීය. තවත් ඩ්‍රෝන යානයක් මෙම මස මුලදී වෙඩි තබා බිම හෙලීය.
ඊයේ දිනයේ බිම හෙලූ මෙම ඩ්‍රෝන යානය, කිලෝ මීටර දෙදහසක පමණ දුරක් ගමන් කිරීමට හැකි බෝම්බ සහ මිසයිල රැගෙන යාමේ හැකියාවක් ඇති ඩ්‍රෝන යානයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

Related posts

දවල් කෑමට පස්සේ නිදිමතයි ද?

Shiran Viraj

බීමත් රියැදුරන්ට වැඩ වරදී

Shiran Viraj

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Shiran Viraj