31.7 C
Colombo
2026-02-18
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මොකක්‌ද අප්පා… කාණු වත්තේ රංජි කියලාම කතා කරන්නේ…

මේ දවස්‌වල මම ලලිත කලා දර්ශනපති උපාධිය හදාරනවා
රංජිව කරළියට ගේන්න පොල්වත්තේ කරක්‌ගැහුවා
පොල්වත්තේ මිනිස්‌සු හරි අවංකයි
කෝටි හතර පස්‌සේ දුවන කාණු වත්තේ රංජිට අන්තිමේ සතපහක්‌වත් හම්බවෙන්නේ නැතිවෙයිද? එහෙමත් නැතිනම් කෝටිහතර තුනට බෙදාගන්න ගිහිං රුපියලක්‌වත් නැතිවෙයිද?. ඩිංකයි ලාරා දෙන මුදල ගන්න අකමැතිවේද?. ඒවා දන්නේ රංජිම තමයි. එහෙනම් මොකටද එහෙට මෙහෙට කතා කරලා අනාගන්නේ. අපි කෙලින්ම රංජිටම කතා කරමු.
කාණුවත්තේ රංජි කියන්නද? නැතිනම් රොහාන් විඡේතුංග කියන්නද?
මට මොකෙන් කතා කළත් ගැටලුවක්‌ නැහැ. රංජි කියන්නෙත් ආදරේට. රොහාන් කියන්නෙත් ආදරේටනේ.
වැඩේ පටන්ගන්නකොට කාණුවත්තේ රංජි මේ තරම් හිට්‌ වෙයි කියලා හිතුවාද ?
පිටපත් රචකයා සහ අධ්‍යක්‍ෂවරයා බලාපොරොත්තුවෙන දේ උපරිමයෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේ කරගෙන යනකොට ඒකේ අතුරුඵලයක්‌ විදිහට හිට්‌වීම කියන කාරණය ඉබේටම සිද්ධවෙනවා. එහෙම නැතිව මම සාමාන්‍යයෙන් හිට්‌වීමේ බලාපොරොත්තුවෙන් යමක්‌ කරන්නේ නැහැ.
මොකක්‌ද අප්පා, අයියෝ මේවා රොහාන්ගේම වචනද?
නැහැ. රංජි කරළියට ගේනකොට අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියනවා පුතා ඔයා ගිහිං වත්තේ ඇවිදලා බලන්න කියලා. මිනිස්‌සු එක්‌ක කතාබහ කරලා මට චරිතයක්‌ හදලා දෙන්න කියලා. පස්‌සේ එයා තමයි අඩුපාඩු හදන්නේ. අධ්‍යක්‍ෂවරයා හරහා ඒවා පසුව ගෙනආවා.
කාණුවත්තේ රංජිට හැඩගැහෙන්න රොහාන් රාජගිරිය පොල්වත්ත පීරුවා ?
පොල්වත්තේ ඉන්න හැම තරුණයෙක්‌ම මගේ මිත්‍රයෝ. හැමෝම මට ආදරෙයි. රංජි කියන චරිතය වත්තේ ඉන්න චරිතයක්‌ නෙමෙයි. හැබැයි අපි විසින් කතාවට අනුව ඩිවලොප් කරපු චරිතයක්‌. හැබැයි ඒක ගේන්නේ එක එක තැන්වලින්. ඔවුන්ගේ ජීවිතවල පොඩි පොඩි කෑලි එකතුකරලා තමයි රංජි හැදෙන්නේ.
පොල්වත්තෙන් ගොඩක්‌ දේවල් එකතුකරලා රංජිව හැදුවා ?
ඔව්. කාණුවත්තේ රංජිව හදන්න පොල්වත්තේ මිනිස්‌සු ගොඩක්‌ වෙහෙස මහන්සිවුණා.
පොල්වත්තේ ගිහිං ඉන්නකොට අපූරු සිදුවීම් එහෙමත් වුණා කියන්නේ ?
මට හම්බවුණ යාළුවෝ අතරේ බොහොම අවංක මිත්‍රයෝ ටිකක්‌ හමුවුණේ පොල්වත්තෙන්. ඒක මාර ශක්‌තිමත් බැඳීමක්‌. පොල්වත්තේ අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෝ වුණෙත් මමයි, සාරංග අයියා සහ රුවන්. පොල්වත්තේ ගෙවන ජීවිතය හරිම සුන්දරයි. හාරකෝටිය පොල්වත්තේ තරුණයන්ගේම වැඩක්‌ වෙලා තියෙන්නේ.
ෂූටින්වලට ගිහිං ඉන්නකොට පොලිසියෙන් ඇවිත් මොකද කරන්නේ කියල ඇහැව්වා කියන්නේ ඇත්තද?
එක දවසක්‌ එහෙම සිද්ධියක්‌ වෙලා තියෙනවා. ඒක ගොඩක්‌ කාලෙකට ඉස්‌සරවුණ සිද්ධියක්‌. මාව අඳුරගන්න බැරිව තමයි එහෙම වුණේ.
කාණුවත්තේ රංජිට මිනිස්‌සු මොකද කියන්නේ ?
මේක මම බලාපොරොත්තු වුණ දෙයක්‌ නෙමෙයි. හැබැයි මම මේක කියන්න ඕනෑ.
ඒ මොකක්‌ද?
සිවගුරුනාදන් මහත්මයා අනාවැකිකරුවෙක්‌ද මන්දා.
ඇයි එහෙම කියන්නේ ?
ඔහු දවසක්‌ කිව්වා පුතා අප්‍රේල් මැයි වෙනකොට කාණුවත්තේ රංජිව ලංකාවේ ගොඩක්‌ දෙනෙක්‌ අඳුරගන්නවා. මම ඇත්තටම එහෙම වෙයි කියලා හිතුවේ නැහැ.
සිවගුරුනාදන්ගේ අනාවැකිය හරි ගියාද?
නැතිව, නැතිව. ඒ කතාව හරි ගියා. මේ වෙනකොට ලංකාවේ කොහේ ගියත් මාව අඳුරන මිනිස්‌සු ඉන්නවා.
කාණුවත්තේ රංජි සැබෑ ජීවිතයේ සරසවි සිසුවෙක්‌ ?
මගේ ශාස්‌ත්‍රවේදී උපාධිය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්‌ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයෙන්. නාට්‍ය හා රංග කලාව තමයි මගේ ප්‍රධාන විෂය. ප්‍රථම පන්තියේ උපාධිය අරගෙන තමයි විශ්වවිද්‍යාලයට සමුදෙන්නේ. මම මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ දර්ශනපති උපාධිය හදාරනවා. ඒකත් මගේ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් තමයි හදාරන්නේ.
කැම්පස්‌ කොල්ලෝ කෙල්ලෝ රොහාන්ට මොනවාද කියන්නේ ?
ආදරෙයි. මොනවා වුණත් ඒ ගොල්ලන්ට මේ අපේ එකානේ කියන හැඟීම තියෙනවා.
රොහාන් වේදිකාවටත් සම්බන්ධයි ?
මම වේදිකාවෙන් හැදුන නළුවෙක්‌. වේදිකාවේ වැඩකරලා මම සම්මානයට පවා පාත්‍රවෙලා තියෙනවා. මේ දවස්‌වල රොහාන් හඳුන්නෙත්තිගේ අලුත් වැඩකට සම්බන්ධවෙලා තියෙනවා.
වේදිකාවේ ගෙවන ජීවිතය සුන්දරද?
හරිම සුන්දරයි. වේදිකාවේ එකම රංගනය දෙපාරක්‌ කරන්න බැහැ. වේදිකාව කියන්නේ මොහොතින් මොහොත නැවුම් වෙන තැනක්‌.
ඔය කොණ්‌ඩයයි, රැවුලයි රොහාන්ගේ අනන්‍යතාවයක්‌ද? නැතිනම් රංජිගේ අනන්‍යතාවයක්‌ද?
ඒක රංජිගේ, මගේ නෙමෙයි. අධ්‍යක්‍ෂවරයා සහ පිටපත් රචකයාට අනුව නිර්මාණය වුණ දෙයක්‌.
රොහාන් විලාසිතා පස්‌සේ දුවන චරිතයක්‌ නෙමෙයිද?
මට ඒ ගැන අවබෝධයක්‌ නැහැ. ඒ හින්දා අවංකවම මම විලාසිතා පස්‌සේ දුවන චරිතයක්‌ නෙමෙයි.
ආශා එදිරිසිංහගේ චිත්‍රපටයකට ආරාධනාවක්‌ ලැබුණා නේද?
ආරාධනාවක්‌ ලැබුණා. ඒක චිත්‍රපටයක්‌. තවම එහි රූගත කිරීම් දින ලැබුණේ නැහැ.
කාණුවත්තේ රංජි හින්දා රොහාන්ට හරියට ආදර යෝජනා එනවා නේද?
අනේ මෙහෙමයි, මාත් එක්‌ක බොහොම ළඟින් තරුණයෝ සහ තරුණියෝ ඇසුරු කරනවා. මට ඒ ගැන අවශ්‍යතාවයක්‌ නැහැ.
දැන්ම ආදරය කරන්නේ නැතිද?
නැහැ. නැහැ. මට ස්‌ථිර සම්බන්ධයක්‌ තියෙනවා.
කාණුවත්තේ රංජි ගැන පෙම්වතිය මොනවාද කියන්නේ ?
ඇය තමයි මගේ හොඳම ප්‍රේක්‍ෂිකාව.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

Shiran Viraj

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Shiran Viraj

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේ

Shiran Viraj
Translate »