mediahumanrights.lk
Local NewsNews

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි

මට්ටක්කුලිය ජුබිලි මාවත ප‍්‍රදේශයේ ඉකුත්දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (28) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.
කැළණිය පොලිස් වසමේ කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුම ආසන්නයේදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ගයාන් ජීවන්ත නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා. සැකකරු ඝාතනයට යොදා ගත් ටී – 56 ගිනි අවිය සහ උණ්ඩ 08ක් ද ඔහු ළග තිබී සොයා ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු අද අලූත්කඩේ අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

පේදුරුතුඩුව උණුසුම්වෙයි

Shiran Viraj

මහවැලි ගග පිටාර ගලයි….

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Shiran Viraj
Translate »