32.2 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

ප්ලාස්ටික් පෙළපොත් භාවිතයෙන් ඉවත් කරන්න – ගුරු සංගම් යළි ඉල්ලයි

කෘතිම කඩදාසිවල මුද්‍රණය කර පාසල් සිසුන් වෙත ලබාදී ඇති හත ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළපොත භාවිතයෙන් ඉවත් කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ තවදුරටත් එවැනි පෙළපොත් මුද්‍රණය කිරීමද රජය වහා අත්හිටුවිය යුතු බවයි.
මෙම පෙළපොත් මගින් පාසල් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශ කළා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදි එම සංගමයේ සහකාර ලේකම් හරිත අලූත්ගේ ඒ පිළිබද කරුණු දැක්වුවා.
වගකිවයුතු පාර්ශව සමග සාකච්ඡා කිරීමකින් තොරව ආණ්ඩුව තනි තින්දු තීරණ ගැනීම මෙම තත්ත්වයට බලපා ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
එහි ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙවැනි පෙළපොතක් නිර්මාණය කළ බවට ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…

Shiran Viraj

විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනා

Shiran Viraj

මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයි

Shiran Viraj
Translate »