28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ප්ලාස්ටික් පෙළපොත් භාවිතයෙන් ඉවත් කරන්න – ගුරු සංගම් යළි ඉල්ලයි

කෘතිම කඩදාසිවල මුද්‍රණය කර පාසල් සිසුන් වෙත ලබාදී ඇති හත ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළපොත භාවිතයෙන් ඉවත් කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ තවදුරටත් එවැනි පෙළපොත් මුද්‍රණය කිරීමද රජය වහා අත්හිටුවිය යුතු බවයි.
මෙම පෙළපොත් මගින් පාසල් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශ කළා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදි එම සංගමයේ සහකාර ලේකම් හරිත අලූත්ගේ ඒ පිළිබද කරුණු දැක්වුවා.
වගකිවයුතු පාර්ශව සමග සාකච්ඡා කිරීමකින් තොරව ආණ්ඩුව තනි තින්දු තීරණ ගැනීම මෙම තත්ත්වයට බලපා ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
එහි ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙවැනි පෙළපොතක් නිර්මාණය කළ බවට ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Shiran Viraj

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

Shiran Viraj

අධ්‍යාපනයේ වෙනස්කම් කිහිපයකට අගමැතිගෙන් උපදෙස්

Shiran Viraj